රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 07 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයන් අතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු සිටීයි.
රුසියා යුක්‍රේන යුධ ගැටුම් වලට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන්17 දෙනෙකු මේවන විට මියගොස් ඇතිබව ඇතිබව වාර්තාවෙයි.
දැනට සිදුකර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රුසියා යුක්‍රේන යුද්ධයට සහභාගි වී සිටින බවයි.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.
මෙම මිනිස් ජාවාරම පිළිබඳ තොරතුරු 0112441146 දුරකථන අංකය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කල හැකිය.
මේ අතර ලැට්ට්‍රියා දේශසීමාව හරහා නීති විරෝධීව සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උස්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු අත්තඩංගුවට ගත් බව ලැට්ට්‍රියා රාජ්‍ය දේශසීමා ආරක්ෂක බලකාය පවසයි
