රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පවසයි.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් අදාළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරු 4.30ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ද සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සදහන් කළේය.
