Skip to content
නිමල් රාජපක්ෂ
සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාවේ නැව් මුළුව සහ ශ්‍රි ලංකා නාවික හමුදා සහභාගීත්වයෙන් උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශණයක් හා නගර පෙළපාලියක් ගාලු මුවදොරදී 2026 අප්‍රේල් මස 16 වැනි දින පැවැත්විණි.
අනාදිමත් සංස්කෘතික බැදීම් සහ සමුද්‍රීය සහයෝගීතාවය සංකේතවත් කරමින් පැවති මෙම නගර පොළපාලියට හා සංස්කෘතික සංදර්ශණයට ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු විදේශීය රටවල් විසිහයක (26) ශිෂ්‍යභට නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු වන ශිෂ්‍යභට නිලධාරීන්, ශ්‍රි ලංකා නාවික හමුදා තුර්ය වාදක කණ්ඩායම සහ සංස්කෘතික කණ්ඩායම සහභාගී වූ අතර, ආවේණික සංස්කෘතික ආකෘතීන් සමඟ ප්‍රෞඩ නාවික සම්ප්‍රදායන් රිද්මයානුකූලව එකමුතු කර එහිදී විදහා දක්වන ලදි.
සමුද්‍රීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කරමින් පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ගරු තානාපතිනිය, බටහිර නාවික විධානයේ ආඥාපති, ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය.
තවද, මෙම සුවිශේෂි අවස්ථාව ගාලු මුවදොර පිටියට රැස්වුණු සාමාන්‍ය ජනතාවටද දැකබලා ගැනීමට අවස්ථාව උදාවිය.
Post Views: 2000 103