Spread the love

නාගොඩ සුමන

ඉන්දියාවෙන් ඇනවුම් කර ලුණු මෙට්‍රික්ටොන් 15000ක් ලබන සතියේ දිවයිනට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවාය.
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් දෙදෙනෙකුට අවසර හිමිව තිබේ.
ඒ අනුව ලබන 31 වැනිදාට පෙර ලුණු මෙට්‍රික්ටොන් 30000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
පසුගිය වර්ෂා සමයේදී මෙරට ලුණු ලේවායන් හී අස්වැන්නට සිදුවූ බලපෑම සැලකිල්ලට ගෙන ලුණු ආනයනය කිරීමට පියවර ගත් බව වැඩිදුරටත් පැවසුවාය.