ලුණු ආනයනය ප්රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ අනුව ලුණු මෙට්රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණද එය ප්රමාදවී ඇති බවයි එම සංගමයේ සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ.
ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
