Spread the love

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. 

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව අදාල වැඩි කිරීම් මෙසේ දැක්වෙයි.

#ඒකක 30 ට අඩු – 4.3% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල්  15 යි)

# ඒකක 31 සිට 60 – 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 45 යි)

#ඒකක 61 සිට 90 – 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 120 යි)

#ඒකක 91 සිට 180 – 7.2% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 420 යි)

#180 ට වැඩි – 25% කින් ඉහළට.