නිම්ල් රාජපක්ෂ
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව ඊයේ ( 30) කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙළඳසැලක අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු විදේශීය දුම්වැටි එක්දහස් හයසිය දහඅටක (1618) තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට අසුකර ගැනීමට සමත්විය.
තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ඇත.
සැකකරු සහ විදේශිය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වේල්ලවීදිය පොලිස් ස්ථානය වෙත භාරදීතිබේ
