Spread the love

නිමල් රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද (08) පෙරවරුවේ පැවැත්විණ.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වෙයි.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා, පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.  

දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණි.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර  පවත්වා වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබිණි.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව වියට්නාම් – ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතයෝ හඳුන්වා දීම සිදු විය.

දෙරටේ නායකයින් දෙපළ මෙහිදී නිල ඡායාරූපයකටද පෙනී සිටියහ.