Spread the love

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය. පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනකින් හෙළිදරව් කළ කරුණු මුල්කරගනිමින් මොහුට අදාළව විමර්ශන ක්‍රියාත්මක විය‍.