Spread the love

වී වලට සහතික මිලක් ලබාදීම සඳහා නිෂ්පාදන වියදම ගණනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අදාළ ආයතන පහකට වගකීම භාර දී ඇති බවත් ඉදිරියේදී එම සහතික මිල ප්‍රකාශ කිරීමට නියමිත බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහනා අම්බලන්තොට නෝනගම දී කීය.

රජය මගින් ලබාදෙන පොහොර සහනාධාර මුදල ඇතුළත් නොතර ගොවින් විසින් වැය කරන ලද මුදල පමණක් නිෂ්පාදන වියදම ලෙස ගණනය කර එය තුනෙන් බෙදා ලැබෙන පිළිතුරට නිෂ්පාදන වියදම එකතු කිරීමෙන් වී කිලෝවක මිල තීරණය කිරීම ගොවියාට පාඩු
නොවන ලාභදායී සහතික මිලක් ලෙස එය නියම කිරීමට පියවර ගන්නා බව ද ඔහු කීය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ලෙස රට පුරා ගොවින් හමුවට ගොස් ගොවින්ට සාධාරණ මිලක් ලබාදෙන බවට තැබූ පොරොන්දුව අනුව එම සාධාරණය ඉටු කිරීමට මෙම ක්‍රමය යටතේ වී සඳහා සහතික මිල තීරණය කරන බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කර සිටියේ අම්බලන්තොට නෝනගම ජල උද්‍යානයේ පැවැති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගි වෙමිනි.

වර්තමානයේ රටේ රතු හාල්වල පවතින හිගය ඉදිරි සති දෙක ඇතුළත විසඳීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.