දැරියක් සිය මිත්තනයි සමගින් නිවස අවට කෑකෝ ගසන ශබ්දයක් බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්රහාරයක් වැදීමෙන් බරපතල තුවාල ලැබු දෙදෙනා රෝහල් ගත කිරිමෙන් පසු දැරිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි
හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්රදේශයේදී ඊයේ (27) රාත්රි කාලයේදී වෙඩිවැදීම සිදු වී ඇති අතර 9 හැවිරිදි දැරිය කුලියාපිටිය රෝහලේදී මියගොස් ඇති අතර තුවාල ලැබු මිත්තනිය රෝහලේ ප්රතිකාර ලබන බවයි.
පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය.
හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්රියාත්මකවු ඇතර අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්රදේශයෙන් පලා ගොස් තිබේ.්
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
