නිමල් රාජපක්ෂ
සෞදි අරාබියේ හි ආරක්ෂාව සම්බන්ධ මෑතකාලීන සිදුවීම් සහ එහි ආරක්ෂක තත්වය හේතුවෙන්, සෞදි අරාබියේ දම්මාම් නුවර සහ කොළඹ අතර ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් 2026 ඔක්තෝබර් 18 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන් වෙත දැනුම් දී සිටී.
සිය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සෑමවිටම ප්‍රමුඛත්වය ලබාදෙන අතර, පවතින තත්වය වාණිජ ගුවන් ගමන් සේවා සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම එම ගුවන් ගමන් නැවත ආරම්භ කෙරෙනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ), +94 11 777 1979 (ජාත්‍යන්තර ඇමතුම්), WhatsApp +94 74 444 1979 (කෙටි පණිවිඩ පමණි) ඔස්සේ අප හා සම්බන්ධ වන්න. නැතිනම් ඔබගේ සංචාරක නියෝජිතයා අමතන්න. www.srilankan.com වෙබ් අඩවියට වෙත පිවිසීමෙන්ද වැඩිදුර තොරතුරු ලබාගත හැක.
