මාලන් විතාන –
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මියසහ ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර සාකච්ඡාවක් අද (10) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සහ වර්මානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික, දේශපාලනික සහ සාමාජීය තත්වය පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු මෙම අවස්ථාවට සහභාගී විය.
