Spread the love


ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති මසූඩ් ඉමාද් මහතා සහ නේපාල තානාපති ආචාර්ය පුර්ණා බහදූර් මහතා අද (.23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා හමු විය.

මෙහිදී රාජ්‍යයන් අතර ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍යය සහ ගුවන් සේවාවන්හි වර්ධනය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා විය. වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කර, දූෂණයෙන් තොරව සිදුකරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව දෙරටේ තානාපතිවරු සිය ප්‍රසාදය පළ කර සිටියහ.

එමෙන් ම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.