Spread the love

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේක​ර පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතිත් නව සභාපතිවරයා අද උදෑසන සිය පත්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ලලිත කළා අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙස ඔහු කටයුතු කරනවා.