Spread the love

නිමල් රාජපක්ෂ-
විදෙස් සංචාරකයින් කොලඹ සිට නුවර ,නානුඹය හා ඇල්ල දක්වා ගමන් කිරීමේදී වෙන්කල ආසන සදහා දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර තිබෙන රුපියල් හාරදහසේ (4000/) දුම්රිය ප්‍රවේශපත්‍රය රුපියල් ලක්ෂයකට අලෙවි කිරීමේ ජාවාරමක් තිබෙන බව දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා පවසයි
තැරුව් කරුවන් දුම්රිය දෙපාර්තුමේන්තුවේද නිලධාරීන් කොටසකගේ සහාය ඇතිව කාලයක් තිසේසේ මෙම ජාවාරම සිදු කොට තිබෙන බැවින් ආදල සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයට දැන්වු විට නිතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.
බොහෝ සංචාරකයිනට රුපියල් හාරදහසක දුම්රිය ප්‍රවේශපත්‍රය රුපියල් විසිදහසේ සිට රුපියල් ලක්ෂයකට අලෙවි කිරිමේ ජාවාරමක් තිබෙන බවත් මෙවැනි සිද්ධීන් නිතර නිතර මගීන් පැමිණිලි කර තිබෙන බවත් දුම්රිය නියාමක සංගමය පවසයි.

වීඩියෝව නරඹන්න