නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කුඩාව වෙරළ ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පාරිභෝගික භාණ්ඩතොගයක් සමඟ යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් කල්පිටිය, කුඩාව වෙරළ ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්රදේශයේ යාත්රා දෙකක (02) තිබූ සැක කටයුතු පාර්සල් තිහක් (30) පරික්ෂාවට ලක් කෙරිණි. එහිදි එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද සබන් අටදහස් එකසියයක (8100) පමණ ප්රමාණයක්, ෂැම්පූ පැකට් අටදහස් හයසිය හතලිහක (8640) පමණ තොගයක් සහ යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පාරිභෝගික භාණ්ඩතොගය සහ යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
