Spread the love

නිමල් රාජපක්ෂ

ඇමතිවරුන්ට ඹ්නෑ ඹ්නෑ ආකායට පොත පෙරලන් නැතිව රාජකාරිය හරියට ඉටුකර සය පාරක් පුල් එකට දැමු එකම රාජ්‍ය නිලධාරියා තමන් බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් සමරවීර මහතා පවසයි.

අමාත්‍යංශයේ වගකිම තිබෙන්නේ අමාත්‍යංශ ලේකම් ට මිස ඇමතිවරයාට නොව. ඇමතිවරු මහජනතාව බලය දෙන්නේ අවුරුදු පහකටයි .නමුත් ඹවුන් හිතනව අපිට ඹ්න දෙයක් කරන්න පුලුවන් කියලා .ඒ සියළු දේපොල අමාත්‍ය වරයා සතුයි කියන එක හිනත අයත් ඉන්නවා. අමාත්‍යංශයේ තිබෙන රැකියාවන් තමන්ගේ කොට්ඨාශයේ දිස්ත්‍රික්කයේ සිටින අයට පමණක් ලබාදිය යුතු බවට හිතනවා.

මේ වාගේ පැවතිය යුතු නැති ලක්ෂණ බොහෝ ඇමතවරුන්ට තිබෙනවා. ඒ ගැන කණගාටු වනවා. කොන්ත්‍රාත් තම හිතවතුන්ට ලැබිය යුතුයි කියා හිතනවා. කෝප් හා කෝපා දෙපාර්තුමේන්තුව දෙකක් තිබෙනවා. තිබෙන නිති රිති වලට එකඟව වැඩ කල යුතුයි .

පොත නමන්න ගිය අය අද දැඩි දෝෂදර්ශනයට ලක්වි හිර ගෙවල් වල දුක් විදිනවා. මේ වාට පොත පෙරලන්න නොගිය ,රාජකාරිය හරියට ඉටුකල නිසා සය පාරක් පුල් එකට යන්නටවු එකම නිලධාරීයාත් තමන් බව හිටපු ජනමාධ්‍ය ආමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවිර මහතා වැඩි දුරටත් පැවසුවේය.,

තවදුරටත් අදහස් දැක්වු සුනිල් සමරවීර මහතා,

වීඩියෝව නරඹන්න