Spread the love

නිමල් රාජපක්ෂ-

සේවා පහසුකම් සහ පාරිභෝගිකයන් උදෙසා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණය වෙයි
තැපෑල තාක්ෂණික පද්ධති හරහා සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර කිහිපයක් සිදු කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ.


ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවාවන් වඩාත් කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ ජනතාවට සරල කිරීමට අරමුණින් සමස්ත මෙහෙයුම් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

තවද, තොරතුරු තාක්ෂණික විධිමත් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන නව පද්ධතිය හරහා ආයතනික ක්‍රියාවලීන් යාවත්කාලීන වන අතර, මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් පහසු සේවාවන් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.


මෙම ඩිජිටල්කරණ වැඩසටහන යටතේ බලපත්‍ර නිකුත් කිරීම, අලුත් කිරීම, ආදායම් එකතු කිරීම ක්‍රමවත් කිරීම සහ තොරතුරු කළමනාකරණය සම්බන්ධයෙන් නව තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, විවිධ පද්ධති හරහා දත්ත විශ්ලේෂණය කිරීම හැකියාව ලැබීම නිසා රාජ්‍ය ආදායම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමටත්, දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල විනිවිදභාවය තවදුරටත් වැඩි කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.


මෙම ඩිජිටල් පරිවර්තනය යටතේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් පමණක් නොව රාජ්‍ය සේවයේ විධිමත්භාවය සහ පාරදෘශ්‍යතාව ඉහළ නැංවීමද අරමුණු කර තිබේ. නව පද්ධති හරහා සේවා ලබාගැනීමේදී පවතින කාලය සහ ක්‍රියාපටිපාටි අවම කරමින්, රාජ්‍ය ආදායම් උපරිම මට්ටමකින් සුරක්ෂිත කිරීමටද පියවර ගෙන ඇත.