නිමල් රාජපක්ෂ-
කෑගල්ල කරඩුපන ප්රදේශයේදී මුදලට අලවි කිරීමට රැගෙන ආ නීතිවිරෝධී දැඩි ආරක්ෂිත සත්ව කොටස් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) දහවල් 11.00 පමණ වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත’
මෙසේ අත්අඩංගුවට ගත් සත්ව කොටස් අතර ලංකා සිතියමි බෙල්ලක් , වෙඩි තබා මරන ලද දැඩි ආරක්ෂිත කැබැල්ලෑවන් දෙදෙනකුගේ පොතු කිලෝ 01 යි ග්රෑම් 870ක්,කොටියෙකුගේ දතක් ,වල් ඌරෙකුගේ දතක්, දැඩි ආරක්ෂිත ඕලු මුව අං තටිටු වක්,මුවෙකුගේ කොටස් දෙකක් තිබු බව වනජීවී දෙපාර්තුමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්යක්ෂ පී.එන් සුරවීර මහතා පවසයි.
අදාල සැකකරුවන් හා නඩු භාණ්ඩ නඩු කටයුතු සදහා බුලත්කොහුපිටිය බීට්ටු වනජීවි කාර්යාලය වෙත භාර දීමෙන් අනතුරුව එක් සැකකරුවකුට ලක්ෂයක ශරීර ඇප එක බැගින් මුදාහැර තිබේ. මෙම සැකකරුවන් ලබන මස )වන දින කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය විසින් රිටිගල වනජීවි කාර්යාලයේ වනජීවි අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා ලබාදුන් තොරතුරකට අනුව එම නිලධාරීන් නීති අංශයේ ප්රධානී බස්නාහිර කලාප සහකාර අධ්යක්ෂිකා රුචිරා කරුණාරත්න මහත්මිගේ සහ අනුරාධපුර කලාප භාර සහකාර අධ්යක්ෂක P.N සුරවීර මහතාගේ ද උපදෙස් මත බුලත්කොහුපිටිය අඩවි සහකාර උදය කරුණානායක ,ක්ෂේත්ර සහායකවරුන්වන අනුර ජයසිංහ ,නාරද කලුආරච්චි යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
