දේවින්ද පිණිදිය
දැනුම, කුසලතාවය හා හැකියාවෙන් එහා ගිය සේවාවක් සෞඛ්‍ය වෘත්තිකයින් තුළින් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාලව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පසුගියදා කටයුතු කරන ලදි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම පත්විම් ප්‍රධානෝත්සවය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විකිරණ ශිල්පී උපාධිය හදාරන ලද හා ශ්‍රවණවේදී කාර්මික ශිල්පීය උපාධිය හදාරන ලද, සය මාසික අනුස්ථාපන සහ සමායෝජන පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද විකිරණ ශිල්පීන් ලෙස 69 දෙනෙකුට සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පීන් ලෙස 10 දෙනෙකුට මෙහිදී නව පත්වීම් ප්රදානය කෙරුණි.
එමෙන්ම ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-2) සේවා ගණයේ සෞඛ්‍ය රසායනාගාර සහායක හා කීටවිද්‍යා ක්ෂේත්රයේ උපස්ථායක තනතුරු සඳහා සීමිත පදනම මත බඳවා ගන්නා නිලධාරින් ලෙස කීටවිද්‍යා සහායකයින් 04 දෙනෙකුට සහ රසායනාගාර සහායකයින් 71 දෙනෙකුට ද නව තනතුරට අදාලව පත්වීම් ලිපි ප්රදානය මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජනක කිත්සිරි, අතිරේක ලේකම් (පාලන) II චාමික එච්.ගමගේ, අතිරේක ලේකම් (පාලන) III කේ.පී යෝගචන්ද්‍ර ඇතුළු අතිරේක ලෙක්ම්වරු, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු, අධ්යක්ෂවරු ඇතුළු නිලධාරී සහ පත්වීම්ලාභීන් එක්ව සිටියහ.
