Spread the love

නිමල් රාජපක්ෂ

දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද ( 27) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා අතින් සිදු කෙරිණ.

මෙම පත්විමි ලිපි අධිකරණ අමාත්‍යාංශයේදී ලබාදීමට පියවර ගෙන තිබිණ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.ඔබ මේ සේවය ගරු සේවයක් වශයෙන් සැලකිය යුතුයි. ජනතාවගෙන් බැණුම් නොඅසන කිසිම සේවයක් මේ රටේ නැහැ. නාස්තිය වංචාව සහ දුෂණය ජනතාවගේ හැගීම්වලට සවන් නොදීම ඊට හේතුවයි. ඔබගේ ගෞරවණිය සේවය කොතරම් ගෞරවණිය ද යන්න සළකා බැලිය යුතුයි. මේ රජයට වගකීමක් තියෙනවා නැවත වතාවක් අධිකරණයේ විශ්වාසය ගොඩනගන්න, නීතිපතිවරයාගේ විශ්වාසය ගොඩනගන්න අමාත්‍යාංශවල විශ්වාසය ගොඩ නගන්න කැපවිමට සිදුවෙලා. ඔබ අද ලබන හදිසි මරණ පරීක්ෂණ තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීම ඔබගේ වගකීමක් හා යුතුකමක් බව අවබෝධ කර ගත යුතුයි.

. තමන්ගේ වෘත්තිය ගරුත්වය මෙන්ම අන් අයගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි හදිසි මරණ පරීක්ෂකවරුන් කටයුතු කළ යුතුයි. හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.