නිමල් රාජපක්ෂ
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී බදු නොගෙවෙන ලද සිගරට් තොගයක් ළඟ තබා සිිටි සැකකරුවකු මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ විදේශීය සිගරැට් 9000 ක් තිබු බව මධ්‍යම පලාත් සහකාර සුරාබදුකොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුව මහනුරව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකරුට රුපියල්
රුපියල් නම ලක්ෂයක (900,000./=) දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් වරයා නියම කොට ඇත.
මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු අධිකාරී ජානක පෙරේරා මහතාගේ අධීක්ෂයෙන් , මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක ටයිටස් විජේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක චන්දන, සුරාබදු කෝප්‍රල්වරුන්වන 897 අසංක බංඩාර, 1053 සංඛ, 1139 නවරත්න සහ සුරාබදු රියැදුරු බුද්ධික යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
