Spread the love

නිමල් රාජපක්ෂ-

 

14 වන ආරක්ෂක සේවා අත්පන්දු තරගාවලිය, 2026 ඔක්තෝබර් මස 19 වන දින සිට 23 වන දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත් වුණු අතර, එහිදී විශිෂ්ඨ ක්‍රීඩා කුසලතා පෙන්නුම් කළ නාවික හමුදා පිරිමි අත්පන්දු කණ්ඩායම, ලකුණු 38 – 32ක් ලෙස යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් 14 වන ආරක්ෂක සේවා අත්පන්දු පිරිමි ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස නායක නැවි එච්ඒඩී හෙට්ටිගොඩ විසින්ද, හොඳම ආරක්ෂක ක්‍රීඩකයා වශයෙන් නායක ලිපිකරු කේකේඩී නුවන්ජිත් විසින් සහ හොඳම ආක්‍රමණශීලී ක්‍රීඩකයා වශයෙන් නායක නැවි ඩබ්ඒසිපී විජේවර්ධන විසින් එහිදී, කුසලාන හිමි කර ගනු ලැබීය.  

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරී කපිතාන් නිස්සංක වික්‍රමසිංහ, නාවික හමුදා අත්පන්දු සංගමයේ සභාපති කොමාණ්ඩර් සුපුන් ලීලාරත්න ඇතුළු ත්‍රිවිද හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.