නිමල් රාජපක්ෂ-
14 වැනි ආරක්ෂක සේවා වේග හඹල් ඔරු පැදීමේ තරඟාවලිය, 2026 නොවැම්බර් මස 17 සහ 18 යන දෙදින දියවන්නා ජලාශයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් පහක් (05) දිනාගනිමින් එහි සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් රැසක් සහභාගි වූ මෙම තරඟාවලියේදී; K1 200m හා K1 500m තරඟයන්හී රන් පදක්කම් සහ K1 1000m තරඟයේ රිදී පදක්කම නායක නැවි එච්එම්ඒඩී ගුණතිලක විසින් දිනාගත් අතර, K2 500m තරඟයේ රන් පදක්කම සහ K2 1000m තරඟයේ රිදී පදක්කම නායක ඉංජිනේරු කාර්මික එච්ඊඑම්එන්ජීජීබී ඒකනායක හා බල නැවි ඩබ්ඒඑන්එම් වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.
එමෙන්ම, K4 500m තරඟයේ රන් පදක්කම ප්‍රධාන සුළු නිලධාරී ඒකේඑස්එස් ජයවර්ධන, නායක නැවි ඩීඑම්ඩීඑස් බංඩාර, බල නාවික පාබල කේකේ විරාජ් හා සාමාන්‍ය නැවි ඩීඒඑල්ඩී පුෂ්පකුමාර විසින්ද, K4 1000m තරඟයේ රන් පදක්කම ප්‍රධාන සුළු නිලධාරී ඒකේඑස්එස් ජයවර්ධන, නායක නැවි ඩීඑම්ඩීඑස් බංඩාර, නායක ඉංජිනේරු කාර්මික එච්ඊඑම්එන්ජීජීබී ඒකනායක හා බල නැවි ඩබ්ඒඑන්එම් වීරසිංහ විසින් දිනා ගැනීමට සමත් විය.
