Spread the love

නිමල් රාජපක්ෂ

2026 ලෝක ළමා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන කුරුණෑගල දිස්ත්‍රික් ලෝක ළමා දින වැඩසටහන, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරියගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් 07 දින පෙ.ව 9.00 ට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ මහජන අවධානය තවදුරටත් පුළුල් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
ඒ යටතේ,
 පාසල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා වන ආචාරධර්ම, වෘත්තීය වගකීම් සහ ළමා ආරක්ෂණ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම
 , දරුවන් සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව ආරක්ෂා කරමින් වගකීම් සහගත මාධ්‍යකරණයක නිරත වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ඇගයීම.
සිදුකිරීමට නියමිතයි.