Spread the love

නිමල් රාජපක්ෂ-

2026 ජගත් සංචාරක දිනයට සමගාමීව,‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ  මූලිකත්වයෙන් සංවිධානය කරන ලද ගාල්ල, උණවටුන ‘ජංගල් බීච්’ වෙරළ තීරය පිරිසිදු කිරීමේ නියමු වැඩසටහන සඳහා 2026 සැප්තැම්බර් මස 27 වන දින දකුණු නාවික විධානය මඟින් ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දෙන ලදි.  

ඒ අනුව, 2026 ජගත් සංචාරක දිනයට සමගාමීව, රුහුණු සංචාරක කාර්යාංශය දෙස් විදෙස් සංචාරකයන් වෙත සුන්දර, පිරිසිදු වෙරළ තීරයකට ප්‍රවේශය ලබා දීමේ අරමු‍ණෙන් ඉදිකරන ලද ‘මිහි සුරැකුම් පියස’ ජනසතු කිරීමට සමඟාමීව සංවිධානය කරන ලද මෙම වෙරළ පිරිසිදු කිරීමේ නියමු වැඩසටහන මඟින්, ‘ජංගල් බීච්’ පරිසර පද්ධතියේ සහ එම වෙරළ තීරයේ බැහැරකර තිබූ ප්ලාස්ටික් සහ පොළිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක් රැස්කර ක්‍රමවත්ව බැහැර කිරීමට අනෙකුත් පාර්ශවයන් හා නාවික හමුදාව දායක විය.

තවද, මෙම අවස්ථාව සඳහා ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ නිලධාරීන්, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේ‍රා ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් එක් වී සිටියහ.