නිමල් රාජපක්ෂ-
2026 වර්ෂයේ පළමු අර්ධවාර්ෂික කාලය තුළරුපියල් බිලියන 141.5 ක සුරාබදු ආදායමක් රජයට ලබාදී ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 118.6% ක ඉහළ යාමක් බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පවසි..
2025 වර්ෂයේ පළමු අර්ධවාර්ෂිකයේ රුපියල් බිලියන 119.3 ක ආදායමක් වාර්තා වූ අතර, 2026 වර්ෂයේ එය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම 2026 ජූලි මාසය වන විට නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව 245 ක් බවද සඳහන් කරයි.
මෙම ආදායම් වර්ධනයට නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය හා ජාවාරම් මැඩපැවැත්වීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම, විමර්ශන සහ වැටලීම් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙන්ම බලපත්‍රධාරී නිෂ්පාදකයන්ගේ අනුකූලතාව ඉහළ නැංවීම ප්‍රධාන හේතු වී ඇත.
ඉදිරියටත් රජයේ ආදායම් ඉලක්ක සාර්ථකව සපුරාලීම සඳහා නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාර මැඩපැවැත්වීම, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ජනතා සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
