නිමල් රාජපක්ෂ-
38 වැනි ලෝක ඒඩ්ස් දිනය 2026 දෙසැම්බර් 01 වැනි දිනට යෙදී තිබේ. “ඒඩ්ස් තුරන් කිරීම සේවා සඳහා ප්‍රවේශය” (Ending AIDS Starts with Access) යන ගෝලීය තේමාව යටතේ මෙවර ඒඩ්ස් දිනය සමරනු ලබයි.
ලෝක ඒඩ්ස් දිනය සමරනු ලබන්නේ අලුත් HIV වැළඳීමේ ක්‍රම, HIV පරීක්ෂණ, සාර්ථක HIV ප්‍රතිකාර හා සේවාවන් පැවැත්වීම, එමෙන්ම සැමට සමාන ප්‍රවේශයක් (equitable access) සහතික කිරීම මත ඇති වන ප්රවේශයන් අවධාරණය කරමිනි. තවද සියලුම පුද්ගලයන්ට HIV වැළඳීම ක්‍රම, HIV පරීක්ෂණ, HIV ප්‍රතිකාර හා සේවාවන් ලබාගැනීමේදී වෙනස්කම් නොමැතිව කටයුතු සැලසීමෙන් පොදු නිදහස හා නිතිමය බාධාවන් නොරහිත සමානව ප්රවේශවීමට ඇති හැකියාව මෙම තේමාව මගින් විස්තර වේ. මීට අමතරව ඒඩ්ස් තුරන් කිරීම සඳහා යන ගමනේදී සේවාවන් කිරීම සඳහා අවශ්‍ය සමපන් සහයෝගීතාවය අවධාරණය කරනු ලබයි.
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය (NSACP) විසින් HIV/ඒඩ්ස් පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීම හා HIV වළක්වා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම උදෙසා දිවයින පුරා වැඩසටහන් මාලාවක් ප්‍රාදේශීය සහභාගීත්වයෙන් පැවැත්වේ. මහජන සෞඛ්‍ය තර්ජනයක් ලෙස ඒඩ්ස් තුරන් කිරීමේ සාමූහික වගකීම සහ සැමට HIV සේවාවන් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම මෙම වැඩසටහන් මගින් ඉස්මතු කෙරේ.
ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය
ගෝලීය වශයෙන්, 2025 වසරේදී ඇස්තමේන්තුගත පුද්ගලයින් මිලියන 41ක් HIV සමඟ ජීවත්වූවා. එම වසර තුළ පුද්ගලයින් මිලියන 1.2ක් පමණ අලුතින් HIV සමඟ ජීවත්වන පුද්ගලයින් බවට පත් වූ අතර, එය 2010 වසරට සාපේක්ෂව එලෙස අලුතින් එක්වන සංඛ්‍යාවේ 42%ක අඩුවීමක් නිරූපණය කරයි.
නවතම ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ HIV සමඟ ජීවත්වන පුද්ගලයින් 8,700ක් පමණ (පරාසය: 7,800–9,600) සාමාන්‍ය වැඩිහිටි ජනගහනය අතර HIV ව්‍යාප්තිය 0.1%ට වඩා අඩු මට්ටමක පැවතුණද, මෑත වසරවලදී අලුතින් හඳුනාගන්නා HIV සමඟ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, එමගින් HIV නිවාරණය, පරීක්ෂා කිරීම සහ කලින් හඳුනා ගැනීමේ ප්රයත්නයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කෙරේ.
1987 වසරේදී ශ්‍රී ලංකාවෙන් පළමු HIV සමඟ ජීවත්වන පුද්ගලයා වාර්තා වූ දා සිට, HIV සමඟ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, 2017 වසරේ සිට එහි කාන්තා පෙන්නුම් ලෙස වැඩි වීමක් දක්නට ලැබේ. 2025 වසරේදී වාර්තා වූ වාර්ෂික HIV සමඟ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව 874ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසරක් තුළ හඳුනාගත් වැඩිම සංඛ්‍යාව වේ.
වීඩියෝව නරඹන්න,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
