Spread the love

ප්‍රභුවාදයට එරෙහිව සහ රටේ පවතින ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් හැටන් නගරයේදි පැවැත්විණ.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මෙම උද්ඝෝෂණය කම්කරු ජනතා පෙරමුණ විසින් සංවිධානය කර තිබු අතර , එම කන්තා දින සැමරුම් උද්ඝෝෂණයට එම පෙරමුණේ නායක චමිර පෙරේරා මහතා සහභාගි විය.

මෙම උද්ඝෝෂණයේදි රටේ පවතින ආර්ථික ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ නිරතව සිටි කාන්තාවන් විසින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය සිදු කලහ.