Spread the love

කොළොන්නාව සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රිය ක රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රියදුරු සහ සහායක බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළු කර තිබේ..

දුම්රිය එන්ජින් රියදුරුද මෙම අනතුර හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

ඒ ආසන්නයේ තිබූ එළවළු වෙළෙඳසැලකට අනතුරින් බරපතළ හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ එහි හිමිකරු එය වසාදමා පිටව ගොස් තිබීමෙන් විශාල අනතුරක් වැළකී තිබුණි.

අනතුරින් දුම්රිය එන්ජිමට හානි සිදුව ඇති අතර ලොරි රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

රාගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.