Spread the love


උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම හා ඖෂධවේදී කවුන්සිලය පිහිටුවීම මෙන්ම 2020/2025 ඖෂධ ප්‍රතිපත්තියේ සමාලෝචනයන් පිළිබද ඉදිරි වැඩකටයුතු කිරිම සම්බන්ධව ද නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
වර්තමාන ඖෂධ කළමණාකරණ පද්ධතිය වන ස්වස්ථ දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පවතින අඩුපාඩු කඩිනමින් යථාවත් කිරිමට කටයුතු කරන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
සාකච්ඡාවෙන් අනතුරුව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාව සමස්තයක් ලෙස සාධනීය මට්ටමක් දරන බවයි.
ඖෂධවේදී පත්වීම් ලබාදීම, පුරප්පාඩු යාවත්කාලීන කිරීම, “ස්වස්ථා දත්ත පද්ධතිය” පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් අතර පැවැති විශේෂ සාකච්ඡාවක්න් අනතුරුවය.ි
මෙහිදී රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.
ඒ අනුව උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම, පුරපුපාඩු යාවත්කාලින කිරිම, වෛද්‍ය සැපයීම් අංශය (MSD) ඖෂධවේදීන් හට ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්, සියළුම අධ්‍යයන කටයුතු අවසන් කර සිටින ඖෂධවේදී කණ්ඩායමේ පත්වීම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාධවීම, වර්තමාන ඖෂධ කළමණාකරණ පද්ධතිය වන “ස්වස්ථා”” දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු ඇතුලු ගැටළු කිහිපයක් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙහිදී ඉදිරිපත් කරන ලදි.
ඖෂධවේදීන්ගේ හිඟය පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමාද වෙමින් පවතින ඖෂධවේදී කණ්ඩායම් වල පත්විම් ලබාදීම ඉතා ඉක්මණින් සමථයකට පත් කිරිමට ඒ හා සම්බන්ධව පවතින ගැටළු මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඖෂධවේදී තනතුරු පුරප්පාඩු යාවත්කාලීන කිරීමේ කටයුතු මුදල් අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කිරීමට ද කඩිනම් පියවර ගන්නා ලෙසත් නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ