හෝමාගම නගරයේ රන් භාණ්ඩ අලෙවි සැලකට ආයුධ සන්නත්ධව පැමිණි පිරිසක් වෙළදසල් සේවකයින් බිය වද්දා රුපියල් ලක්ෂ තුනක මුදල් ,රන්මුදු 36 ක් , පෙන්ඩන් 48 ක් පලා ගොස් ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
සිද්ධිය වි ඇත්තේ අද පෙරවරු 11.45 පමණය .යතුරු පැදි වලින් පැමිණි සිව් දෙනෙකු අතරින් දෙදෙනකු වෙළද සැලට ඇතුළු වන ආකාරය CCTV කැමරාවේ සටහන්ව තිබේ.
සැකකරුවන් දෙදෙනකු රන් භාණ්ඩ මිලදි ගන්නා මුවාවෙන් පැමිණ මද වේලාවකින් එක් අයකු වෙළද සැලේ සේවකයකුට පිස්තෝලයක් පෙන්වා කොල්ලය සිදු කර තිබේ.
කොල්ලකරුවන් රැගෙන ගිය රන් මුදු හා පෙන්ඩන්ට් මාර්ගයේ වැටී තිබියදී ඒ අසලින් ගමන් ගත් පිරිස් ඒවා යළි අලෙවිසැල වෙත ගෙනැවිත් දුන අයුරුද එම CCTV දර්ශනවල සටහන් වී තිබේ.
හෝමාගම පොලිසියේ නිලධාරීන් වහාම එහි පැමිණ විමර්ශන ආරම්භ කළ අතර කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල අංක තහඩු ව්‍යාජ බව හෙළි වී තිබේ.
