අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය whatsapp සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විභාග රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇති බවයි .
පසුගිය 9 වැනිදා පැවැති ඉංග්‍රීසි විෂයයට අදාළ විභාගය ආරම්භ වී සුළු වේලාවකට පසුව එම ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහය වෙත මුදාහැර ඇති බවට මේ වනවිට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
