දිවයින පුරා ග්‍රාම නිලධාරීන් සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.
සිය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා හැර වෙනත් කිසිවෙකු සමඟ සාකච්ඡා නොකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසයි.
තම වෘත්තීය සමිති ගැටලුවට විසඳුම් ඉල්ලා ජනාධිපතිවරයා වෙත විදුලි පණිවිඩ දස දහසක් යොමුකිරීමට කටයුතු කර ඇතිබවද පැවසුවේය.
