නිමල් රාජපක්ෂ-
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග අනාගත පරපුර වෙත දායාද නොකිරීමට සියලු පුරවැසියන් වගබලා ගත යුතු බවත් , ඒ සඳහා ආර්ථික, සමාජ හා දේශපාලන වශයෙන් රට ස්ථාවරත්වයට පත් කළ යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවසුවේය.
ජාතික රණවිරු සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටිය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පැවැති අවස්ථාවේ මේබව ප්‍රකාශ කළේය.
මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කොට තිබු අතර, මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර, දේශයේ විරුවන් වෙනුවෙන් පුෂ්පෝපාහාර පුද කරමින් ගෞරව දැක්වීමට ද කටයුතු කළේය.
මෙහිදි අදහස් දැක්වු නීතීඥ ලලිත් යු ගමගේ මහතා , රොඩු පොරොඩු ගග දියේ මතුවී පෙනෙන්නා සේ සමාජයේ රණවිරුවන් හා එකී නායකත්වය හා තරහින් වෛරයෙන් පෙළෙන කිහිප දෙනෙකුගේ බොල් හඩ මතුවී නැගෙන සමයක් පසු කරමින් සිටින බවත්, විරෝධාර රණවිරුවන් සිදුකළ කැපකිරීම් හමුවේ නිදහස් නිවහල් රටක් සියලු පුරවැසියන්ට හිමි ව ඇති බවත්, එය රැකගැනීම සදහා ඔවුන්ට ශක්තිය ලබාදීම අපගේ වගකීම බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපති එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) නිහාල් ජයසිංහ යන මහත්ම මහත්මීන් ද ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ඉහල නිලධාරීන් ද ඇතුලු නිලධාරීන්, රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.
