Spread the love

අද (17) උදෑසන 08.30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මිලිමීටර් 137.6කි.

එම කාලය තුළ යකා වැව ප්‍රදේශයට මිලිමිටර් 85.7ක් සහ දමන ප්‍රදේශයට මිලිමිටර් 82.5 වර්ෂාපතනයක් ලැබි ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි එම කාලය තුළ ලැබී තිබේ.

මේ අතර අද පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ ගාල්ල තවලම ප්‍රදේශයට මිලිමීටර් 25 වර්ෂාපතනයක් ලැබි ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි..