Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නාය යෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
බදුල්ල ,මහනුවර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ.
එම නිවේදනය හෙට (19) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල,හාලි ඇල,බදුල්ල ,හපුතලේ සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත,ගඟ ඉහළ කෝරළේ ,පස් බාගෙ කෝරළේ,යටිනුවර සහ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ,දැරණියගල ,රුවන්වැල්ල ,කෑගල්ල ,දෙහිඕවිට ,වරකාපොල ,යටියන්තොට ,මාවනැල්ල සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ,බලංගොඩ ,කිරිඇල්ල,කුරුවිට ,ඇහැලියගොඩ ,අයගම රත්නපුර ,කලවාන සහ ඇලපාතම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.
පොළවේ ඇතිවන ඉරි තැලීම්,ගැඹුරට හෑරුණු පැළුම් හා පොළවේ ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී යන ගස්,විදුලි කණු,වැටවල් හා දුරකථන කුළුණු ආදිය නිරීක්ෂණය වන්නේනම් හෝ එකවර ජල උල්පත් ඇති වීම් හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම් හෝ අවහිර වීම් වැනි ණාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේනම් කඩිනමින් එම ස්ථාන වලින් ඉවත් වීම ඉතා වැදගත් බව එම ආයතනය සදහන් කරයි.
පවතින වැසි තත්වය තවදුරටත් පවතින්නේනම් පස් කඳු කඩා වැටීම්,ගල් පෙරලීම් සිදුවිය හැකිය.
ඒ හේතුවෙන් කන්ඩි හා බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.