බුද්ධ රශ්මි වෙසක් කලාපය 23 වනදා සිට 26 වනදා දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ සබදතා අධ්‍යක්ෂ ආර්.පී.ප්‍රියන්ත කුමාර මහතා පවසයි.
කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වෙසක් කලාපය පැවැත්වෙයි.
තොරන්,විශාල ප්‍රමානයේ දන් සැල්,බැති ගී සංදර්ශන ,රූකඩ ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත බව පැවසුවෙය
බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000 අධික සංඛ්‍යාවක් යොදවා ඇතිබව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා පිළිබඳ ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.
වෙසක් කලාපය ආශ්‍රිත මාර්ග බාධක 12ක් ස්ථාපිත කිරීමට නියමිතයි.
වාහන නැවැත්වීම සදහා රථගාල් 05ක් සූදානම් කර ඇති අතර එහි වාහන 500 ආසන්න සංඛ්‍යාවක් පහසුවෙන් නතර කිරීමට හැකියාව පවතින බව පැවසුවේය.
