Spread the love

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා අපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගිෂ්වර මහතා පැවසීය .


ඒ අනුව කළු ගග සහ අත්තනගලු ඔයේ ජල මට්ටම මේ වන විට අවධානය යොමු කළ යුතු මට්ටමට ඉක්මවා ගොස් තිබේ.


තවදුරටත් ගංගා ඉහළ පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් ඉදිරි පැය කිහිපය තුළ එම ගංගා සුළු ගං වතුර මට්ටමට ළගා විය හැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .