අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය මලිත්තගොල්ල ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය අද (19) රාත්‍රී 08.00 සිට හෙට (20) පෙරවරු 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මාර්ගයට ගල් හා පස්කදු කඩා වැටීමේ අවධානම ඊට හේතුවී තිබේ.
පවතින වැසි සමඟ මලිත්තගොල්ල ඇතුළු තදාසන්න ප්‍රදේශ වලින් මාර්ගයට රොම් මඩ ගලා ඒම මාර්ගය වසා දැමීමට හේතුවී තිබේ.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශයේ පවුල් 13ක් පසුගියදා නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඉවත් කිරීම සිදුවිය.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මතයි.
