තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා වඩාත් සැලකිලිමත් වන ලෙසකාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැ.කි.මී 65 – 75 දක්වා ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.
සබරගමුව පළාතේත්, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.
