සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කරන්නයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායගෙන් ඉල්ලා තිබේ.
ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට පළමුව ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.
ෆොන්සේකා මහතා පක්ෂ නායකත්වය විවේචනය කිරීම මත ඔහු ඉවත් කිරීමට පූර්ණ බලය පක්ෂය සතුව ඇති බවද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් එම පක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇත්තේ පොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත්වන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.
ෆොන්සේකා මහතා නුදුරේදීම ජනාධිපතිවරයා සමග එක්වුණු ඇති බවට වාර්තා පළවන අතර මෑතකදී ඔහු පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විවේචන එල්ල කළේය.
