Spread the love

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7% ක් දක්වා වැඩි වී ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9% ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.4% දක්වා වැඩි වී ඇති අතර 2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 % ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.8% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3% ක් ලෙස වාර්තා විය.