ග්‍රාම නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ග්‍රාමීය පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසීය.
ග්‍රාම නිලධාරී සහතික නිකුත් නොකිරීම,මරණ ලියාපදිංචිය වැනි අත්‍යාවශ්‍ය සේවා රැසක් ඒ අතරට ඇතුළත් වෙයි.
තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ (27) මෙම වැඩවර්ජනය ආරම්භ කර බව පැවසීය.
එම වැඩවර්ජනය අද (28) දිනයේ ද ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
