Spread the love

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සුභ ආරංචිය නම් ලියවිල්ල සම්බන්ධයෙන් විවාදයකට මේ මොහොතේ සමගි ජන බලවේගය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අදාළ ගිවිසුම මේ වන තෙක් තමන්ට ලැබී නැති බවත් කැබිනට් අනුමැතියට යොමු කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ජනතාවට සහන ලබා ලැබී නැතිනම් තවත් කතා කළ යුතු දෙයක් නැති බවත් සුභ ආරංචිය පුස්සක් බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

එළඹෙන දෙවෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම ලියවිල්ල ගැන පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.