Spread the love

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කරුවලවස්වැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අද අලුයම ඔහු ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටී අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇත