සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටින බවත් ඉදිරි දින කිහිපය ඇතුළත තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක්වන බවත් හිතපු ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අලුත්ගමදී පැවති තරුණ සමුළුවක් අමතමිනි.
‘අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා’
