Spread the love

මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් අපයෝජනයට පත්කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවයි එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 177 ක් බවද වැඩිදුරටත් සඳහන්.