බද්දේගම අධිවේගී පිවිසුම ආසන්නයේ හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බිරිඳක් සහ දරු දෙදෙනා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්වී තිබුණි.
වයස අවුරුදු 16ත් 21ත් අතර වයස්වල පසුවන පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මව එම අනතුරින් තුවාල ලැබීය.
අනතුර සිදුවන අවස්ථාවේදී 21 හැවිරිදි පුතු මෝටර් රථය ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවය.
මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථය මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටීමත් සමග මොනරාගල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ද ගැටී තිබුණි.
තුවාල ලබා මෝටර් රථයේ සිරවී සිටි පිරිසව කඩිනමින් මුදාගෙන රෝහල්ගත කිරීමට ඒ අසලින් ගමන්ගත් රියදුරන් කටයුතු කර තිබුණි.
